ෂර්මාගේ සුපිරි ශතකය හමුවේ ඉන්දියාව දෙවැනි ජයත් ලබයි

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයෙන් ඇෆ්ඝනිස්තානය පරදා කඩුලු 8ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ දෙවැනි ජය ද වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම අද(11) සමත් වුණා.

දිල්ලි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 272 ක් ලබා ගනිමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 35 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

රෝහිත් ෂර්මා හා ඉෂාන් කිෂන් පළමු කඩුල්ලට ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 156 ක්. කිෂන් ලකුණු 47 කට දැවී ගියා.

ෂර්මා පන්දු 84 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 131 ක්. හයේ පහර 5ක් හා හතරේ පහර 16 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. ෂර්මා අද වාර්තා කළේ එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ දී ඔහු රැස් කළ 7 වැනි ශතකයයි.

විරාත් කෝලි නොදැවී ලකුණු 55(56) ක් හා ෂ්රෙයස් අයියර් නොදැවී ලකුණු 25(23) ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

සිය ඉනිම අතරතුර දී අයියර් විසින් මෙවර තරගාවලි‍යේ දී මෙතෙක් පිතිකරුවෙකු වාර්තා කළ දැවැන්තම හයේ පහර එල්ල කිරීම ද කැපී පෙනුණා. මුජීබ් උර් රහ්මාන්ට එරෙහිව එල්ල කළ එම හයේ පහරේ දිග සටහන් වුණේ මීටර් 101 ක් ලෙසයි. (දර්ශන පහතින්)

දැවී ගිය කඩුලු දෙකම දවා ගත්තේ රෂීඩ් ඛාන් විසින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක හෂ්මතුල්ලාහ් ශහීඩි. ඔහු ලකුණු 80(88) ක් රැස් කළ අතර, අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 62(69) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 39 ක් ලබා දෙමින්. හර්ඩික් පාන්ඩ්යා කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...