ශ්‍රී ලංකාවට තවත් අමිහිරි පරාජයක් උරුම කරමින් පාකිස්තානයට වාර්තාගත ජයක්

Date:

පිතිකරණයේ දී ඉනිම් අවසන් කිරීමේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ සුපුරුදු දුර්වලතාවය හා මොහමඩ් රිස්වාන්ගේ මෙන්ම අබ්දුල්ලාහ් ශෆික්ගේ සුපිරි සටන්කාමී ශතක හමුවේ මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම අද(10) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 345 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය පන්දුවාර 48.2 ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කරමින් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දී කණ්ඩායමක් තරගයක් හඹා ගොස් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද තමන් සතු කර ගත්තා.

ඉමාම් උල් හක් ලකුණු 12 කටත්, බාබර් අසාම් ලකුණු 10කටත් දවා ගැනීමට ඩිල්ෂාන් මදුෂංක සමත් වුණා. අනතුරුව තෙවැනි කඩුල්ල සදහා ලකුණු 176 (156) ක විශිෂ්ඨ සම්බන්ධතාවයක් ගොඩ නැගීමට අබ්දුල්ලාහ් ශෆික් සමගින් පිටියේ එක් වූ මොහමඩ් රිස්වාන් සමත් වුණා.

ශෆික් පන්දු 103 කින් ලකුණු 113 ක් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහර 10 ක් සමගින්. සවුද් ශකීල් ලකුණු 31 යි.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ රිස්වාන් පන්දු 121 කින් ලකුණු 131 ක් නොදැවී ලබා ගත්තේ හයේ පහර 3 ක් හා හතරේ පහර 8 ක් සමගින්. ඉෆ්ටිකාර් අහ්මඩ් නොදැවී ලකුණු 22(10)යි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ දී ලකුණු 344 ක් ලබා ගත්තේ කඩුලු 9ක් දැවී සිටියදීයි.

කුසල් මෙන්ඩිස් පන්දු 77 කින් ලකුණු 122 ක් රැස් කළේ හයේ පහර 6 ක් හා හතරේ පහර 14 ක් සමගින්. සධීර සමරවික්‍රම ලකුණු 108 යි. පන්දු 89 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 11 ක් ඇතුළත්.

කෙසේ වෙතත්, අවසන් පන්දුවාර 10 තුළ දී ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලකුණු 61 ක් පමණක් වාර්තා කිරීම මෙම තරගයේ පරාජයට බෙහෙවින් බලපානු ලැබුවා. එමෙන්ම පන්දු යැවීමේ දී වයිඩ් ලකුණු 25 ක් ශ්‍රී ලංකාව විසින් ලබා දීම ද තරගයේ ප්‍රතිපලයට බලපෑවා.

ලෝක කුසලාන තරගයක දී ශතක 4 ක් වාර්තා වූ පළමු තරගය ලෙසයි මෙම තරගය ඉතිහාසගත වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...