චමරි අයි.සී.සී සම්මානයක් සදහා නිර්දේශ කෙරේ

Date:

සැප්තැම්බර් මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව යන සම්මාන සදහා නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා වන නිර්දේශිත නාමවලට ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙකු හා එංගලන්ත ක්‍රීඩකයෙකු ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඉන්දීය ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල් හා වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් සිරාජ් මෙම සම්මානය සදහා නිර්දේශ කර ඇති අතර, එංගලන්ත ක්‍රීඩක ඩේවිඩ් මලාන් ද නිර්දේශිත නාම අතරට ඇතුළත්.

මාසයේ ක්‍රීඩිකාව සම්මානය සදහා නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ද ඇතුළත් කර තිබෙනවා.

ඇයට අමතරව දකුණු අප්‍රිකාවේ Laura Wolvaardt හා Nadine de Klerk යන ක්‍රීඩිකාවන් ද මෙම සම්මානය සදහා මෙවර නිර්දේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...