වසර 128 කට පසු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ඇතුළත් කෙරේ

Date:

2028 වසරේ දී ලොස් ඇන්ජලීස් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට නියමිත බව ක්‍රීඩා උළෙලේ සංවිධායකයින් අද(9) නිවේදනය කළා.

මීට පෙර ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සදහා ඇතුළත් කර තිබුණේ 1900 වසරේ පැවැති පැරිස් ක්‍රීඩා උළෙල සදහායි.

ඒ අනුව වසර 128 කට පසුවයි ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සදහා ඇතුළත් කිරීමට නියමිතව ඇත්තේ.

ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පන්දුවාර 20යි 20 තරග රටාවෙන් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට නියමිතව තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව Baseball/Softball, Flag Football, Lacrosse (Sixes) හා Squash යන ක්‍රීඩා ද 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් නව ක්‍රීඩා ලෙස නිර්දේශ කර ඇති බවයි සංවිධායකයින් සදහන් කළේ.

ඒ අනුව එම නිර්දේශ එළඹෙන 14 වැනිදා හා 15 වැනිදා මුම්බායි හී දී පැවැත්වෙන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු විධායක කමිටු රැස්වීමේ දී සමාලෝචනය කර අනුමත කිරීමට කටයුතු කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...