ලකුණු 99 ක ජයකින් නවසීලන්තය පෙරමුණ රැක ගනියි

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගයෙන් නෙදර්ලන්තය පරදා ලකුණු 99 ක ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් රැක ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද(9) සමත් වුණා.(නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්)

හයිදරාබාද් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 322 ක් රැස් කළා.

නවසීලන්ත ඉනිමේ පළමු පන්දුවාර තුනම නිලකුණු පන්දුවාර ලෙස සටහන් වීම කැපී පෙනුණා. කෙසේ වෙතත්, අනතුරුව නවසීලන්ත පිතිකරුවන් සාර්ථක පිතිහරඹයක නිරත වෙමින් අර්ධ ශතක 3 කින් සිය ඉනිම ශක්තිමත් කිරීමට සමත් වුණා.

එහිදී විල් යන්ග් ලකුණු 70 ක්, නායක ටොම් ලේතම් ලකුණු 53 ක් හා රචින් රවීන්ද්‍ර ලකුණු 51 ක් රැස් කළා. ඩැරල් මිචෙල් ලකුණු 48 යි.

පන්දු යැවීමේ දී Aryan Dutt, Paul van Meekeren හා Roelof van der Merwe කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තයට පන්දුවාර 46.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 223 ක් පමණයි.

Colin Ackermann ලකුණු 69 ක් ලබා ගත් අතර, Scott Edwards ලකුණු 30 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී මිචෙල් සැන්ට්නර් ලකුණු 59 කට කඩුලු 5ක් දවා ගත්තා. මැට් හෙන්රි කඩුලු 3 ක් බිද හෙලුවේ ලකුණු 40 ක් ලබා දෙමින්.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

[team_standings 51865]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...