Watch : සියල්ලන් මවිත කරවමින් තෙවන විනිසුරු දුන් ආන්දෝලනාත්මක තීන්දුව මෙන්න

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගයේ දී ආන්දෝලනාත්මක විනිසුරු තීන්දුවක් දැක ගත හැකි වුණා.

නෙදර්ලන්තය හා නවසීලන්තය අතර මෙම තරගය අද (9) දහවල් ආරම්භ වුණේ හයිදරාබාද් හී දී යි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 322 ක් රැස් කළා.

නෙදර්ලන්ත පිළිතුරු ඉනිමේ 41 වැනි පන්දුවාරයේ දී යි ආන්දෝලනාත්මක තීන්දුවක් තෙවන විනිසුරු විසින් දෙනු ලැබුවේ.

එම පන්දුවාරය රචින් රවීන්ද්‍ර විසින් යොමු කළ අතර, පන්දුවාරයේ අවසන් පන්දුවට Sybrand Engelbrecht මුහුණ දුන්නා.

පිතිකරු විසින් ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට යාමේ දී ස්ටම්ප් කිරීමකට හසු වීමෙන් ඔහු දැවී ගියා.

කෙසේ වෙතත්, එම අවස්ථාව තෙවන විනිසුරුට යොමු කිරීමෙන් අනතුරුව තෙවන විනිසුරු විසින් තීන්දු කළේ කඩුලු රකින්නා විසින් පන්දුව රැක ගන්නා අවස්ථාව වන විට ඔහුගේ අත් ආවරණ කඩුල්ලට ඉදිරියෙන් පැවැති බවයි.

ඒ අනුව එය නිපන්දුවක් ලෙස තෙවන විනිසුරු විසින් තීන්දු කළ බැවින් එය නොදැවී යාමක් බවට ද පත් වුණා. අනතුරුව හතරේ සීමාව ආසන්නයටම ගොස් සිටි Sybrand Engelbrecht යළි පන්දුවට පහර දීමට තණතීරුව වෙත පැමිණියා.

කෙසේ වෙතත්, මෙම විනිසුරු තීන්දුව බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්ව ඇති බවක් දක්නට ලැබෙනවා. බොහෝ දෙනෙකු එය නිපන්දුවක් නොවන බවත්, දැවී යාමක් ලෙසත් නිගමනය කරනු ලබනවා.

එහි දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...