පාකිස්තානයට එරෙහිව ඓතිහාසික ජයක් සොයා ශ්‍රී ලංකාව අද තරග බිමට

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවැනි තරගය අද (10) පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගය හයිදරාබාද් හී දී පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි. ආබාධයක් හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහි තරගය ක්‍රීඩා නොකළ දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මෙම තරගය සදහා ක්‍රීඩා කිරීමට යෝග්‍යතාවයකින් පසුවන බවයි කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් සදහන් කළේ.

ඒ අනුව මතීෂ පතිරණට හෝ කසුන් රාජිතට අද තරගයේ දී කණ්ඩායමේ ස්ථානය බොහෝ විට අහිමි වීමට ඉඩ පවතිනවා.

එක්දින ලෝක කුසලාන තරගාවලියන් හී දී දෙරට අතර මෙතෙක් පවත්වා ඇති තරග හතම ජය ගෙන ඇත්තේ පාකිස්තානය වීම විශේෂත්වයක්.

ඒ අනුව ශ්‍රී ලංකාව අද තරග බිමට පිවිසෙන්නේ ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන එක්දින තරගාවලියකදී පාකිස්තානය පරාජයට පත් කිරීමේ අරමුණිනුයි.

2019 වසරේ ලෝක කුසලාන තරගාවලියේ දී දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණා.

මේ අතර, අද තරගය පැවැත්වෙන කාලයේ දී හයිදරාබාද් ප්‍රදේශයේ වලාකුළුවලින් බරවූ අහසක් අපේක්ෂා කළ හැකි බවට කාළගුණ අනාවැකි පලව තිබෙනවා.

කෙසේ වෙතත්, වර්ෂාවෙන් තරගයට බාධාවක් එල්ල නොවනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...