මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ජය ගැනීම සදහා බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 157 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
ඒ, ධරම්සාලා හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක ශකිබ් අල් හසාන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ සියලු පිතිකරුවන් පන්දුවාර 37.2 ක් තුළ ලකුණු 156 කට දැවී යාමත් සමගයි.
රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 47 ක් රැස් කළ අතර, ඊබ්‍රහීම් සඩ්‍රාන් හා අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 22 බැගින් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී ශකිබ් අල් හසාන් හා මෙහිදි හසාන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.
මෙම තරගයේ දී ඇෆ්ඝනිස්තාන ඉනිම අතරතුර පන්දුවට පහර දීමට පැමිණි මුජීබ් උර් රහ්මාන්ට ආරක්ෂක ආවරණයක් (abdomen guard) අමතක වී පැමිණ තිබීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට ද සමත් වූ සිදුවීමක් බවට පත් වුණා. (දර්ශන පහතින්)
— cric sl (@cricslvideo) October 7, 2023
Mujeeb came to pitch without cricket safeguard. Yaaara no Mujeeba 😭
Kala chi de zra na ghuwari lobe ta no bayad dasi kaar wake 😐#CWC23 pic.twitter.com/21vsOPRldh— 🇦🇫 𝘏𝘢𝘴𝘴𝘪𝘣 𝘏𝘢𝘪𝘥𝘢𝘳 (@hassib_haidar) October 7, 2023

