වසර 31 කට පසු දකුණු අප්‍රිකාව පරාජය කරන්න ශ්‍රී ලංකාව අද තරග බිමට ; සියලු දත්ත වාර්තා මෙන්න

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය අද(7) දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරගය පස්වරු 2ට දිල්ලි හී දී ආරම්භ වීමට නියමිතයි.

ආසියානු කුසලාන තරගාවලියේ දී මුහුණ දුන් පාදයක ආබාධය හේතුවෙන් මෙම තරගය සදහා ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ. කෙසේ වෙතත්, ආබාධවලට ලක්ව සිටි කුසල් පෙරේරා හා දසුන් ශානක අද තරගය ක්‍රීඩා කිරීමට සුදුසු යෝග්‍යතාවයකින් පසුවනවා.

දිල්ලි තණතීරුව

ඉන්දියාවේ බොහෝ ක්‍රීඩාංගනවල තණතීරු පිතිකරුවන්ට වාසි සහගත ආකාරයක් දැකිය හැකි වුවත්, දිල්ලි ක්‍රීඩාංගනයේ තණතීරුව දග පන්දු යවන්නන්ට උචිත වනු ඇති බවට අපේක්ෂා කළ හැකියි.

ක්‍රීඩාංගනයේ ඉතිහාස දත්ත

සාමාන්‍යයෙන් දිල්ලි ක්‍රීඩාංගනය යනු ඉහළ ලකුණු සංඛ්‍යාවක් වාර්තා වන ක්‍රීඩාංගනයක් නොවේ. දිල්ලි ක්‍රීඩාංගනයේ දී එක්දින තරග 26 ක් මෙතෙක් පවත්වා ඇති නමුත්, ලකුණු 300 සීමාව එහිදී පසු කර වාර්තා වී ඇත්තේ තරග දෙකකදී පමණයි. අවසන් වරට කණ්ඩායමක් ලකුණු 300 සීමාව පසු කර එක්දින තරගයකදී මෙම ක්‍රීඩාංගනයේ දී වාර්තා කර ඇත්තේ 2011 වසරේ දී යි.

ශ්‍රී ලංකාව අවසන් වරට මෙම ක්‍රීඩාංගනයේ දී එක්දින තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2009 වසරේ දී යි. කෙසේ වෙතත්, එම තරගය තණතීරුවේ භයානක හැසිරීම හේතුවෙන් අත්හැර දැමීමට සිදු වුණා.

මේ අතර, දිල්ලි ක්‍රීඩාංගනයේ දී දකුණු අප්‍රිකාව අවසන් වරට ක්‍රීඩා කළ එක්දින තරගයේ දී ඔවුන් ලකුණු 99 කට දැවී යාම ද විශේෂත්වයක්. එම තරගය පසුගිය වසරේ දී ඉන්දියාවට එරෙහිව පැවැත්වුණා.

අද කාළගුණය

අද දිනයේ දී දිල්ලි ප්‍රදේශයට උණුසුම් කාළගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි. සෙල්සියස් අංශක 37 ක පමණ උපරිම උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකි බවයි කාළගුණ අනාවැකි පලව ඇත්තේ. ඒ අනුව කාසියේ වාසිය දිනා ගතහොත් එම කණ්ඩායම තරගයේ පළමුව පන්දුවට පහර දීමට වැඩි ඉඩක් පවතිනවා.

කණ්ඩායම් දෙකේ ලෝක කුසලාන දත්ත වාර්තා

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව මීට පෙර ලෝක කුසලාන එක්දින තරගාවලියන් දී තරග හයකදී එකිනෙකා මුණ ගැසී තිබෙනවා. ඉන් තරග 4ක් දකුණු අප්‍රිකාව ජය ගෙන ඇති අතර, එක් තරගයක් ලකුණු සම වීමෙනුයි අවසන් වුණේ. ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණයි.

දෙරට අතර අවසන් වරට පැවැති ලෝක කුසලාන එක්දින තරග තුනම ජය ගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවයි. ශ්‍රී ලංකාව එක්දින ලෝක කුසලාන තරගාවලියකදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කර ඇත්තේ 1992 වසරේ දී පමණයි. එනම් මීට වසර 31 කට පෙරයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...