2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් දුවද්දී දැවී යාමක් දැක ගත හැකි වුණා.
පාකිස්තානය හා නෙදර්ලන්තය අතර මෙම තරගය අද දහවල් ආරම්භ වුණේ හයිදරාබාද් හී දී යි.
කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 286 ක් ලබා ගත්තා.
මොහමඩ් රිස්වාන් හා සවුද් ශකීල් ලකුණු 68 බැගින් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී Bas de Leede කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 62 ක් ලබා දෙමින්.
පාකිස්තාන ඉනිමේ දී මොහමඩ් නවාස් ලකුණු 39 කට දැවී ගියේ ඉතා අවාසනාවන්ත ආකාරයෙන් දුවද්දී දැවී යාමකට හසුවෙමින්.
ශහීන් ශාහ් අෆ්රිඩි විසින් පහර දුන් පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමට පළමුව නෙදර්ලන්ත ක්රීඩකයින් උත්හාස ගත් නමුත්, එය සාර්ථක වූයේ නැහැ.
අනතුරුව පන්දු යවන අන්තයෙන් නවාස් දුවද්දී දවා ගැනීමට නෙදර්ලන්ත ක්රීඩකයින් උත්සාහ කළ නමුත්, එය ද අසාර්ථක වුණා.
පසුව පාකිස්තාන පිතිකරුවන් ලකුණක් ලබා ගැනීමේ අරමුණින් යළි දිව ගිය අතර, මොහමඩ් නවාස් පිතිකරණ අන්තයේ දී දුවද්දී දැවී ගියේ එම අවස්ථාවේ දී යි.
දර්ශන පහතින් නරඹන්න –

