පළමු තරගය අභියස ෂුබ්මන් ගිල්ට උණ ගැනෙයි

Date:

ඉන්දීය ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල් මේ වන විට උණ රෝගී තත්ත්වයකින් පසුවනවා.

ඒ අනුව මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉන්දියාව ක්‍රීඩා කරන පළමු තරගය සදහා ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකි වීමේ අවධානමක් මතුව ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

තරගාවලිය යටතේ ඉන්දියාව ක්‍රීඩා කරන පළමු තරගය එළඹෙන 8 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව චෙන්නායි හී දී පැවැත්වෙනවා.

පසුගිය දින දෙකේ දී ම ෂුබ්මන් ගිල් ඉන්දීය කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු සදහා ද එක් වූයේ නැහැ.

“වෛද්‍ය කණ්ඩායම දැඩිව ඔහුව අධීක්ෂණය කරමින් සිටිනවා. ඔහු ඉක්මනින්ම සුව වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිල ප්‍රකාශයක සදහන්.

මෙම වසරේ වැඩිම එක්දින ලකුණුලාභියා වන ගිල් ලකුණු 1,230 ක් වාර්තා කර ඇත්තේ 72.35 ක සාමාන්‍යයක් හා 105.03 ක ප්‍රහාරාත්මක වේගයක් සටහන් කර ගනිමින්.

ෂුබ්මන් ගිල්ට පළමු තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් ඔහු වෙනුවට ඉෂාන් කිෂන් ඉනිමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ආදේශ කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...