මැතිව්ස්ගේ ප්‍රහාරය පසෙකලා ඔස්ට්‍රේලියාව තරගාවලිය දිනයි

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අද(5) සමත් වුණා.

ඒ, බ්‍රිස්බේන්හි පැවැති තෙවැනි 20යි 20 තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 47 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 190 ක් ලබා ගත්තා.

Tahlia McGrath ලකුණු 65(34) ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Shamilia Connell ලකුණු 25 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 143 ක් පමණයි.

මෙම තරගයේ දී ද විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ නායිකා Hayley Matthews පන්දු 40 කින් ලකුණු 79 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Darcie Brown හා Ashleigh Gardner කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...