හිටපු ඉන්දීය නායකයා ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ උපදේශක තනතුරට

Date:

ඉන්දීය හිටපු ක්‍රිකට් නායකයෙකු වන අජෙයි ජඩේජා ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණඩායමේ උපදේශක ලෙස පත් කර තිබෙනවා.

එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා මෙම පත් කිරීම සිදු කර ඇති බවයි ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

1992 වසරේ සිට 2000 වසර දක්වා වූ කාලයේ දී ජඩේජා ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 15 ක් ක්‍රීඩා කළා. එහිදී ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 576 ක්.

එක්දින තරග 196 ක් ද ක්‍රීඩා කළ ඔහු එහිදී ලකුණු 5,359 ක් ලබා ගැනීමට සමත් වුණා.

ලෝක කුසලාන තරගාවලිය යටතේ ඇෆ්ඝනිස්තානය ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 7 වැනිදා බංග්ලාදේශයට එරෙහිව ධරම්ශාලාහී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...