අවසන් මොහොතේ දී ලෝක කුසලාන ඔස්ට්‍රේලියානු සංචිතයට ප්‍රබල වෙනසක්

Date:

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට මර්නස් ලබුෂේන් ආදේශ කිරිමට පියවර ගෙන තිබෙනවා.

පාදයක ආබාධයකට ලක් වූ ඇෂ්ටන් ඒගාර් වෙනුවටයි ඔහුව සංචිතයට ඇතුළත් කර ඇත්තේ.

කෙසේ වෙතත්, අතක ආබාධයකට ලක්ව සිටින ට්‍රැවිස් හෙඩ් තවදුරටත් ලෝක කුසලාන සංචිතයේ රදවා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, ඔහුට ආබාධය හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියේ තරග රැසක් ක්‍රීඩා කිරීමට නොහැකි වන පසුබිමකයි.

එක්දින පිටියේ දී ලබුෂේන්ගේ දක්ෂතා සැලකිය යුතු මට්ටමක නොපැවතුණු බැවින් ඔහුව පළමුව ලෝක කුසලාන සංචිතය සදහා නම් කෙරුණේ නැහැ.

කෙසේ වෙතත්, නිමා වූ දකුණු අප්‍රිකා හා ඉන්දීය සංචාරවලදී ඔහු සුවිශේෂි දක්ෂතා ප්‍රදර්ශනය කළා.

එම සංචාර සදහා ද ඔහුව පළමුව නම් කර නොතිබූ අතර, ස්ටීවන් ස්මිත් ආබාධයකට ලක්වීම හේතුවෙනුයි ඔහුව එම සංචාර සදහා කැදවනු ලැබුවේ.

කෙසේ වෙතත්, දකුණූ අප්‍රිකාවට එරෙහි පළමු එක්දින තරගය සදහා ද ලබුෂේන් ඇතුළත්ව සිටියේ නැහැ. නමුත්, එම තරගයේ දී කැමරන් ග්‍රීන්ගේ හිස් ආවරණයේ පන්දුවක් වැදීමෙන් පසුව ඇති වූ කම්පන තත්ත්වයක් හේතුවෙන් ලබුෂේන් එම තරගය අතරමැදදී කණ්ඩායමට කැදවනු ලැබුවා.

එම තරගයේ දී ඔහු ලකුණු 80 ක් නොදැවී රැස් කරමින් තරගයේ ජය ඔස්ට්‍රේලියාවට හිමි කර දීමට ද සමත් වුණා.

ලෝක කුසලානය සදහා නම් කර ඇති සංචිතවලට අයි.සී.සී අනුමැතියකින් තොරව වෙනස්කම් සිදු කළ හැකි අවසන් දිනය වන්නේ අද දිනයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...