KNNS LEGENDS දිවා රාත්‍රී ක්‍රිකට් තරගාවලිය 30 වැනිදා – වෙබ් අනුග්‍රාහකත්වය Hit Wicket

Date:

වලස්මුල්ල, පල්ලෙකන්ද උතුරු කණුමුල්දෙණිය ජාතික පාසලේ ආදිශිෂ්‍ය ක්‍රීඩා සංගමය විසින් සංවිධාන කරනු ලබන KNNS LEGENDS සහෝදරත්වයේ ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 30 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

විද්‍යාලයේ 2000 උසස් පෙළ කණ්ඩායමේ සිට 2022 උසස් පෙළ කණ්ඩායම දක්වා කණ්ඩායම් මෙම තරගාවලියේදී තරග වැදීමට නියමිතයි.

විසිරී ගිය දශකයන් කිහිපයක් එකම කිරුළක් වෙනුවෙන් සහෝදරත්වයෙන් බැදෙන මෙම අභිමානවත් තරගාවලිය KNNS LEGENDS ක්‍රිකට් තරගාවලිය ලෙසින් නම් කර ඇති අතර, මෙම තරගාවලිය තුළින් අරමුණු කිහිපයක් සපුරා ගැනීමට අපේක්ෂා කරන බවයි උතුරු කණුමුල්දෙණිය ජාතික පාසලේ ආදිශිෂ්‍ය ක්‍රීඩා සංගමය පවසන්නේ.

තරගාවලිය සහ සැණකෙළිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විද්‍යාලයේ වත්මන් විදුහල්පති චන්ද්‍රසිරි හේවගේ මහතා කියා සිටියේ පාසල් ඉතිහාසයේ පළමුවරට මෙම කර්තව්‍ය සිදු කෙරෙන බවයි.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ විදුහල්පති චන්ද්‍රසිරි හේවගේ මහතා.

KNNS LEGENDS දිවා රාත්‍රී තරගාවලියට සමගාමීව සැණකෙළියක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි සංවිධායක මණ්ඩලය සදහන් කළේ.

ආදිශිෂ්‍ය ක්‍රීඩා සංගමය විසින් සංවිධාන කරනු ලබන මෙම තරගාවලියේ නිල මාධ්‍ය අනුග්‍රාහකත්වය ස්වාධීන රූපවාහිනී සේවය විසින් දරනු ලබන අතර තරගාවලිය ආරම්භයේ සිටම සජීවී රූපරාමු ලයිව් වන් ගෝල් ෆේස්බුක් පිටුවෙන් සහ KNNS LEGENDS ෆේස්බුක් පිටුව ඔස්සේ ගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා.

තරගාවලියේ වෙබ් අනුග්‍රාහකත්වය HitWicket.lk විසින් දරණ අතර දවස පුරා සජීවී යාවත්කාලීන කිරීම් ගෙන ඒමට මේ වන විට කටයුතු යොදා තිබෙනවා.

තරගාවලියේ සජීවී දර්ශන අප වෙබ් අඩවිය හරහා මෙන්ම අපගේ යූටියුබ් නාලිකාව හා ෆේස්බුක් පිටුව ඔස්සේ ද ගෙන ඒමට නියමිතයි.

තරගාවලිය සැප්තැම්බර් මස 30 වනදා පෙරවරු 9 සිට දවස පුරා දිවා හා රාත්‍රී තරග ලෙසින් විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...