ගිල්, අයියර් හා SKYගේ සුපිරි ප්‍රහාරය ඉන්දියාවට දැවැන්ත ජයක් සමග තරගාවලියේ ජය හිමි කරයි

Date:

ෂුබ්මන් ගිල් හා ෂ්රෙයස් අයියර් වාර්තා කළ සුපිරි ශතක හා සූර්යකුමාර් යාදව්ගේ වේගවත් ඉනිම හමුවේ ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 99 ක ජයක් වාර්තා කරමින් තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට (2-0) ඉන්දීය කණ්ඩායම අද(24) සමත් වුණා.

ඉන්දෝර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5 ක් දැවී ලකුණු 399 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු ඉනිමට පන්දුවාර 9ක් අවසානයේ දී වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ වන විට ඔස්ට්‍රේලියාව කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 56 ක්.

අනතුරුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ඔස්ට්‍රේලියාවට තරගය ජය ගැනීම සදහා පන්දුවාර 33 කදී හිමි වූ ඉලක්කය ලකුණු 317 ක්.

කෙසේ වෙතත්, ඔවුන් පන්දුවාර 28.2 ක් අවසානයේ දී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 217 ක් පමණයි.

ශෝන් ඇබෝට් පන්දු 36 කින් ලකුණු 54 ක් රැස් කළා. ඩේවිඩ් වෝනර් ලකුණු 53 කට දැවී ගිය අතර, මර්නස් ලබුෂේන් ලකුණු 27 යි.

පන්දු යැවීමේ දී ආර්. අශ්වින් ලකුණු 41 කට කඩුලු 3 ක් දවා ගත් අතර, රවීන්ද්‍ර ජඩේජා ලකුණු 42 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිම වෙනුවෙන් ගිල් ලකුණු 104 ක් හා අයියර් ලකුණු 105 ක් රැස් කළා. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 200 (164) ක්. ගිල්ගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර, අයියර්ගේ ඉනිම හයේ පහර 3කින් හා හතරේ පහර 11 කින් වර්ණවත් වුණා.

නායක කේ.එල් රාහුල් ලකුණු 52 (38) ක් රැස් කළා. සූර්යකුමාර් යාදව් පන්දු 37 කින් වේගවත් ලකුණු 72 ක් නොදැවී ලබා ගත්තේ හයේ පහර හා හතරේ පහර 6 බැගින් එල්ල කරමින්.

පන්දු යැවීමේ දී කැමරන් ග්‍රීන් ලකුණු 103 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...