දසුන් නායකත්වයෙන් ඉල්ලා අස් වන ලකුණු ; ශ්‍රී ලංකා සංචිතය අද නම් කෙරේ

Date:

එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය පිළිබද ගත යුතු අවසන් තීන්දු තීරණ අද(20) දිනයේ දී ගැනීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් අද දිනයේ දී පැවැත්වීමට නියමිතව ඇති බව සදහන්.

මෙහිදී ක්‍රීඩකයින්ගේ ආබාධ තත්ත්වයන් හා නායක දසුන් ශානක සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතයි.

දසුන් සිය නායකත්වයෙන් ඉවත් වීමට සූදානමක් ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

එසේ වුවහොත් බොහෝ විට කුසල් මෙන්ඩිස් කණ්ඩායමේ නායකයා ලෙස නම් කරමින් ලෝක කුසලාන සංචිතය නිවේදනය කිරීමට ඉඩ ඇති බව සදහන්.

වනිදු හසරංග යළි ආබාධයකට ලක්ව සිටින බවට ද තොරතුරු වාර්තා වන අතර, ඔහුගේ හා දුෂ්මන්ත චමීරගේ ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඔවුන් ලෝක කුසලානයට නම් කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද දිනයේ දී අවසන් තීන්දු තීරණ ගැනීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...