තෙවැනි තරගයේ ජයත් සමග තරගාවලියේ ජය එංගලන්තයට – Match Report

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග දෙකක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි තරගයෙන් එංගලන්තය ලකුණු 20ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඩර්බි හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 6ක් දැවී ලකුණු 154ක් ලබා ගත්තා.

Natalie Sciver ලකුණු 82යි.

පන්දු යැවීමේ දී Shamilia Connell සහ Deandra Dottin කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට කඩුලු 5ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 134ක් පමණයි.

Deandra Dottin ලකුණු 63ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Katherine Brunt සහ Sarah Glenn කඩුලු 2 බැගින් බිද හෙලීමට සමත් වුණා.

ඒ අනුව මේ වන විට තරග 3-0ක් ලෙස එංගලන්තය තරගාවලියේ පෙරමුණ ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...