මුෂ්ෆිකර් රහීම් ඉන්දීය තරගයෙන් ඉවත් වෙයි

Date:

බංග්ලාදේශ පිතිකරු මුෂ්ෆිකර් රහීම්ට මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සමග එළඹෙන සිකුරාදා පැවැත්වීමට නියමිත සුපිරි 4 වටයේ තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ පවුලේ සාමාජිකයින් සමග තවදුරටත් කාලය ගත කිරීම සදහා ඔහුට අවසර ලබා දීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කිරීමත් සමගයි.

ඔහුගේ බිරිද දෙවැනි දරු උපත වෙනුවෙන් සූදානමින් සිටි බැවින් රහීම් ශ්‍රී ලංකාවට එරෙහිව පසුගිය 9 වැනිදා පැවැති තරගයෙන් පසුව යළි ඩකා නුවර බලා පිටව ගියා.

අනතුරුව ඔහු ඉන්දීය තරගයට පෙර යළි බංග්ලාදේශ සංචිතය සමග එක්වීමටයි මීට පෙර සැලසුම් කර තිබුණේ.

කෙසේ වෙතත්, සිය බිරිද දරු උපතෙන් පසුව තවමත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්ව නොමැති බැවින් සිය පවුලේ සාමාජිකයින් සමග රැදී සිටීමට රහීම් අවසර ඉල්ලා තිබුණා.

ඒ අනුව ඊට අවසර ලබා දීමට තීරණය කළ බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඉන්දියාව හමුවේ ඊයේ දිනයේ දී ශ්‍රී ලංකාව ලද පරාජයත් සමග මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමේ සියලු බලාපොරොත්තු අත්හැරීමට බංග්ලාදේශයට සිදු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...