කොල්කටාවට කඩුලු 7ක ජයක් – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වන තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

අබුඩාබිහි පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි.

කාසියේ වාසිය දිනා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් හයිදරාබාද් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 142ක් ලබා ගත්තා.

මනීෂ් පාන්ඩේ ලකුණු 51ක් සහ ඩේවිඩ් වෝනර් ලකුණු 36ක් රැස් කළා.

පන්දු යැවීමේ දී පැට් කමින්ස් පන්දුවාර 4 තුළ දී ලකුණු 19ක් ලබා දී එක් කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායම කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 18ක් අවසානයේ දී යි.

ෂුබ්මන් ගිල් නොදැවී ලකුණු 70යි.

ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් ඇතුළත්.

ඉයන් මෝර්ගන් නොදැවී ලකුණු 42ක් රැස් කළා.

ඔවුන් දෙදෙනා අතර සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු නොබිදුණු සබදතාවය ලකුණු 92ක්.

පන්දු යැවීමේ දී රෂීඩ් ඛාන්, කලීල් අහ්මඩ් සහ ටී නටරාජන් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

මෙම ජයග්‍රහනයත් සමග කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පස් වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා.

ඔවුන් මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකෙන් එක් තරගයක් ජය ගත් අතර, ක්‍රීඩා කළ තරග දෙකම පරාජයට පත් වූ හයිදරාබාද් කණ්ඩායම අවසන් ස්ථානයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...