Watch : දකුණු අප්‍රිකා ජය මැද ඇබෝට් රැක ගත් ඇදහිය නොහැකි සුපිරි උඩ පන්දුව මෙන්න

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 111 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ(12) සමත් වුණා. කෙසේ වෙතත්, තරග 5 කින් යුත් තරගාවලිය තරග 2-1 ක් ලෙස තවදුරටත් පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ ඔස්ට්‍රේලියාවයි.

දකුණු අප්‍රිකාවේ Potchefstroom හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 6 ක් දැවී ලකුණු 338 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 34.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 227 ක් පමණයි.

දකුණු අප්‍රිකා ඉනිම වෙනුවෙන් ඒඩ්න් මාක්‍රම් පන්දු 74 කින් නොදැවී ලකුණු 102 ක් වාර්තා කළා. හයේ පහර 4 ක් හා හතරේ පහර 9 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 82 ක් රැස් කළ අතර, ටෙම්බා බවුමා ලකුණු 57 යි. පන්දු යැවීමේ දී ට්‍රැවිස් හෙඩ් ලකුණු 39 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තේ ඩේවිඩ් වෝනර්. ඔහු පන්දු 56 කින් ලකුණු 78 ක් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහර 10 ක් සමගින්.

පන්දු යැවීමේ දී ජෙරාල්ඩ් කොට්සී ලකුණු 50 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ටබ්රයිස් ශම්සි හා කේෂාව් මහරාජ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මේ අතර, දකුණු අප්‍රිකා ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස මාර්කෝ ජන්සෙන් දවා ගැනීම සදහා ශෝන් ඇබෝට් රැක ගත් සුපිරි උඩ පන්දුව මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

එම උඩ පන්දුව පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...