ඉන්දියාව ලකුණු 213 කට දැවී යයි

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ සිව්වැනි තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාවට ලකුණු 214 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 49.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 213 ක් ලබා ගැනීමත් සමගයි.

ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට රෝහිත් ෂර්මා හා ෂුබ්මන් ගිල් සමත් වුණා. ඒ, පළමු කඩුල්ල සදහා ලකුණු 80 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින්.

කෙසේ වෙතත්, අනතුරුව දග පන්දු යවන්නන් පන්දු යැවීමට කැදවීමත් සමග ඉන්දීය ඉනිමේ බිද වැටීම ආරම්භ වුණා.

ෂුබ්මන් ලකුණු 19 කට දැවී යාමත් සමග පළමු කඩුල්ලේ සම්බන්ධතාවය බිද වැටුණු අතර, අනතුරුව විරාත් කෝලි ලකුණු 3කටත්, රෝහිත් ෂර්මා ලකුණු 53 කටත් දැවී ගියා. එම කඩුලු තුනම දවා ගත්තේ දුනිත් වෙල්ලාලගේ විසින්.

සිව්වැනි කඩුල්ල සදහා කේ.එල් රාහුල් හා ඉෂාන් කිෂන් ලකුණු 63 (89) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් බිද වැටුණු ඉනිම ගොඩ නැගීමට උත්සාහ දැරුවා.

කෙසේ වෙතත්, වෙල්ලාලගේ විසින් රාහුල්ගේ කඩුල්ල ලකුණු 39 කට දවා ගැනීමත් සමග ඉන්දීය ඉනිම යළි කඩා වැටුණා.

ඉෂාන් කිෂන් ලකුණු 33ක් ද, අක්සාර් පටෙල් ලකුණු 26 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 40 කට කඩුලු 5 ක් දවා ගත් අතර, චරිත් අසලංක ලකුණු 18 කට කඩුලු 4 ක් දවා ගැනීම කැපී පෙනුණා. අවසන් කඩුල්ල ලෙස අක්සාර් දවා ගත්තේ මහීෂ් තීක්ෂණ විසින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...