කෝලි, රාහුල් ශතක හා කුල්දීප්ගේ කඩුලු 5 හමුවේ පාකිස්තානයට අන්ත පරාජයක්

Date:

විරාත් කෝලි වාර්තා කළ 47 වැනි එක්දින ජාත්‍යන්තර ශතකය හා කේ එල් රාහුල්ගේ අනර්ඝ ශතකය මෙන්ම කුල්දීප් යාදව් ප්‍රදර්ශනය කළ සුපිරි පන්දු යැවීම හමුවේ මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තෙවැනි තරගයෙන් පාකිස්තානය පරදා ලකුණු 228 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැති මෙම තරගය ඉරිදා(10) ආරම්භ වූ නමුත්, වර්ෂාව හේතුවෙන් එදින ක්‍රියාත්මක වූයේ පන්දුවාර 24.1 ක් පමණයි. එතැන් සිට තරගය අතිරේක දිනය වූ සදුදා(11) දිනයේ දී යළි ආරම්භ කෙරුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 2 ක් දැවී ලකුණු 356 ක් රැස් කළා.

විරාත් කෝලි නොදැවී ලකුණු 122 (94) ක් හා කේ.එල් රාහුල් නොදැවී ලකුණු 111 (106) ක් ලබා ගනිමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළා. කෝලිගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 9 ක් ඇතුළත්.

ආබාධයකින් අනතුරුව මාස ගණනාවකට පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි රාහුල්ගේ ඉනිම හයේ පහර 2කින් හා හතරේ පහර 12 කින් වර්ණවත් වුණා. රාහුල් මෙම තරගයට ක්‍රීඩා කළේ ෂ්රෙයස් අයියර් තරගයට පෙර ආබාධයකට ලක් වීම හේතුවෙන්.

ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 233 (194) ක්.

රෝහිත් ෂර්මා ලකුණු 56 ක් හා ෂුබ්මන් ගිල් ලකුණු 58 ක් ලබා ගනිමින් ඉන්දීය ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. එම කඩුලු දෙක දවා ගත්තේ ශඩාබ් ඛාන් හා ශහීන් අෆ්රිඩි විසින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට පන්දුවාර 32 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 128 ක් පමණයි.

ෆකාර් සමාන් ලකුණු 27 ක් රැස් කළ අතර, ආගා සල්මාන් හා ඉෆ්ටිකාර් අහ්මඩ් ලකුණු 23 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කුල්දීප් යාදව් කඩුලු 5ක් දවා ගත්තේ ලකුණු 25 ක් ලබා දෙමින්.

ආබාධවලට ලක් වූ හැරිස් රවුෆ් හා නසීම් ශාහ් මෙම තරගයේ දී පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...