Watch : පාන්ඩ්යාගේ සුපිරි පන්දුවකින් බාබර් දැවී ගිය හැටි

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තෙවැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් පාකිස්තාන නායක බාබර් අසාම්ගේ කඩුල්ල දවා ගැනීමට ඉන්දියාවේ හර්ඩික් පාන්ඩ්යා අද(11) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය ඊයේ ආරම්භ වූ නමුත්, වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේ දී ක්‍රියාත්මක වූයේ පන්දුවාර 24.1 ක් පමණයි. එතැන් සිට තරගය අද දිනයේ දී යළි ආරම්භ කෙරුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 2 ක් දැවී ලකුණු 356 ක් රැස් කළා.

විරාත් කෝලි නොදැවී ලකුණු 122 ක් හා කේ.එල් රාහුල් නොදැවී ලකුණු 111 ක් ලබා ගනිමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළා. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 233* (194) ක්.

පාකිස්තාන පිළිතුරු ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස බාබර් දැවී ගියේ පාන්ඩ්යාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

ඒ වන විට බාබර් පන්දු 24 කින් රැස් කර සිටියේ ලකුණු 10 ක් පමණයි. (ඔහුගේ කඩුල්ල දැවී ගිය අයුරු පහතින් නරඹන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...