වර්ෂාව හේතුවෙන් ඉන්දු-පාකිස්තාන තරගය අතිරේක දිනයට කල් දැමේ

Date:

ඉන්දියාව හා පාකිස්තානය අතර අද(10) පස්වරුවේ ආරම්භ වූ මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් හෙට දිනය දක්වා කල් දැමීමට විනිසුරුවන් තීරණය කර තිබෙනවා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක බාබර් අසාම් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන් අතර, පන්දුවාර 24.1 ක් අවසානයේ දී ඉන්දියාව කඩුලු 2 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වුණා.

අනතුරුව පැය කිහිපයක් තිස්සේ ක්‍රීඩාංගන සේවකයින් විසින් ක්‍රීඩාංගනය තරගය ආරම්භ කිරීමට සුදුසු තත්ත්වයකට පත් කිරීමට උත්සාහ දැරූ නමුත්, රාත්‍රී 8.30 ට පමණ යළි වර්ෂාව ඇද හැලීම හේතුවෙන් තරගය අතිරේක දිනය වන හෙට දිනය දක්වා කල් දැමීමට කටයුතු කෙරුණා.

ඒ අනුව තරගය අද දිනයට නතර කෙරුණු අවස්ථාවේ සිට පන්දුවාර 50 තරගයක් ලෙස හෙට පස්වරු 3 ට යළි ආරම්භ කිරීමට නියමිතයි.

ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල සදහා ලකුණු 121 ක සාර්ථක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට රෝහිත් ෂර්මා හා ෂුබ්මන් ගිල් සමත් වුණා.

රෝහිත් ලකුණු 56 ක් ද, ගිල් ලකුණු 58 ක් ද රැස් කළා. එම කඩුලු දෙක පිළිවෙලින් දවා ගත්තේ ශඩාබ් ඛාන් හා ශහීන් අෆ්රිඩි විසින්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින විරාත් කෝලි ලකුණු 8ක් හා කේ.එල් රාහුල් ලකුණු 17 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...