ශ්‍රී ලංකාවට කඩුලු 7ක පරාජයක්

Date:

එංගලන්තය සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක පරාජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඊයේ(9) රාත්‍රියේ සිදු වුණා.

චෙස්ටර්-ලී-ස්ට්‍රීට් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 30.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 106 ක් පමණයි.

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 35 ක් රැස් කළ අතර, චමරි අතපත්තු හා හසිනි පෙරේරා ලකුණු 10 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Mahika Gaur, Sarah Glenn හා Lauren Filer කඩුලු 3 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 18 කදී කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Tammy Beaumont ලකුණු 32 ක්, Emma Lamb ලකුණු 27 ක් හා Heather Knight ලකුණු 22 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඕෂදී රණසිංහ, ඉනෝකා රණවිර හා කවීෂා දිල්හාරි කඩුල්ල බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...