ලෝක කුසලානයට නම් කෙරුණු ශ්‍රී ලංකා මූලික සංචිතය මෙන්න

Date:

එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන මූලික ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති බව Sunday Times පුවත්පත වාර්තා කර තිබෙනවා.

ආබාධ හේතුවෙන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමි වූ දුෂ්මන්ත චමීර, වනිදු හසරංග හා ඩිල්ෂාන් මදුෂංක යන ක්‍රීඩකයින් මෙම සංචිතයට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, ආබාධයක් හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වූ ලහිරු කුමාර ලෝක කුසලානයට නම් කර නැහැ.

චමීර හා මදුෂංකට අමතරව වේග පන්දු යවන්නන් ලෙස සංචිතයට නම් කර ඇත්තේ මතීෂ පතිරණ හා කසුන් රාජිතයි.

වනිදු හසරංග සංචිතයට කැදවීම නිසා දුෂාන් හේමන්තට සංචිතයේ ස්ථානය අහිමි වී තිබෙනවා.

කෙසේ වෙතත්, දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන තිබීම කැපී පෙනෙනවා.

චාමික කරුණාරත්නට හා ඇන්ජෙලෝ මැතිව්ස්ට ද සංචිතයේ ස්ථාන හිමිව නැහැ.

ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 5 වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතයි.

Squad:

Dasun Shanaka (C), Pathum Nissanka, Dimuth Karunaratne, Kusal Mendis, Charith Asalanka, Kusal Janith Perera, Dhananjaya de Silva, Sadeera Samarawickrema, Wanindu Hasaranga, Dunith Wellalage, Maheesh Theekshana, Dushmantha Chameera, Kasun Rajitha, Matheesha Pathirana, Dilshan Madushanka

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...