ආබාධ අර්බුද මැද ඔස්ට්‍රේලියානු එක්දින සංචිතයට තවත් කැදවීමක්

Date:

දකුණු අප්‍රිකාවට එරෙහිව මේ දිනවල පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක මයිකල් නෙසර් ඇතුළත් කර තිබෙනවා.

2018 වසරේ දී එක්දින වරම් දිනූ 33 හැවිරිදි ඔහු මෙතෙක් ක්‍රීඩා කර ඇත්තේ එක්දින තරග 2ක් පමණයි.

දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියේ අවසන් තරග කිහිපයේ දී වේග පන්දු යවන්නෙකු අවශ්‍ය වුවහොත් කණ්ඩායමට කැදවීමේ අරමුණින් ඔහුව සංචිතයට නම් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මිචෙල් ස්ටක් වෙනුවට එක්දින සංචිතයට ආදේශ කෙරුණු ස්පෙන්සර් ජොන්සන් මේ වන විට පාදයක සුළු ආබාධයකට ලක්ව තිබෙනවා.

කෙසේ වෙතත්, ඔහු තවදුරටත් මෙම සංචාරයේ දී සංචිතය සමග රැදී සිටින අතර, එළඹෙන ඉන්දීය තරග සංචාරය සදහා ද ඔහු එක් වනු ඇති.

නායක පැට් කමින්ස්ගේ මෙන්ම මිචෙල් ස්ටක්ගේ ආබාධ මෙතෙක් සම්පූර්ණයෙන්ම සුව වී නැතත්, එළඹෙන ඉන්දීය තරග සංචාරයේ දී තරග කිහිපයක් සදහා ඔවුන්ට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා. ඉන්දීය සංචාරයට එක්දින තරග 3 ක් ඇතුළත්.

ස්ටීවන් ස්මිත් හා ග්ලේන් මැක්ස්වෙල් ද දකුණු අප්‍රිකා සංචාරයට පෙර ආබාධවලට ලක්වුණා.

දකුණු අප්‍රිකාවට එරෙහි පළමු එක්දින තරගයේ දී කැමරන් ග්‍රීන් ද කම්පන තත්ත්වයකට ලක් වුණේ කෙටි පන්දුවක් හිස් ආවරණයේ වැදීම හේතුවෙන්. ඒ හේතුවෙන් ඔහුට දින අටක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදු වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...