බුම්රා යළි කොළඹට පැමිණෙයි

Date:

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ශ්‍රී ලංකාවේ දී යළි ඉන්දීය සංචිතය සමග එක්ව තිබෙනවා.

ඒ, ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටයේ තරග වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අරමුණින්.

ආසියානු කුසලාන තරගාවලිය අතරතුර දී ඔහු පසුගියදා යළි ඉන්දියාව වෙත පිටත්ව ගියේ ඔහුගේ බිරිදගේ පළමු දරු උපත වෙනුවෙනුයි.

ඒ හේතුවෙන් බුම්රාට නේපාලය සමග පැවැති තරගය සදහා ද ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

බුම්රා අද පෙරවරු කාලයේ දී කොළඹට ළගා වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කර ඇත්තේ.

අද පස්වරු කාලයේ දී ඉන්දීය කණ්ඩායම සමග පුහුණුවීම් කටයුතු සදහා ද ඔහු එක් වීමට නියමිතයි. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පුහුණුවීම් කටයුතු සිදු කිරීමට නියමිත අතර, වර්ෂාවෙන් ඊට බලපෑම් එල්ල වුවහොත් ගෘහස්ථ පුහුණු සැසියකට ඔවුන් එක් වනු ඇති.

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටය යටතේ ඉන්දියාව ක්‍රීඩා කරන පළමු තරගය එළඹෙන 10 වැනිදා පාකිස්තානයට එරෙහිව කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...