සුපිරි 4 වටයේ ප්‍රවේශ පත්‍ර මිල ගණන්හි සංශෝදනයක්

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත තරගවල ප්‍රවේශ පත්‍ර කාණ්ඩ කිහිපයක මිල ගණන් අඩු කිරීමට තරගාවලියේ සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ Lower Blocks ‘C’ හා ‘D’ හි ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 1,000 දක්වා අවම කිරීමට පියවර ගෙන ඇති බවයි.

සැප්තැම්බර් 9, 12, 14 හා 15 යන දිනවල පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර මිල පමණක් මෙලෙස අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් 10 වැනිදා පැවැත්වෙන ඉන්දු-පාකිස්තාන තරගයේ මෙන්ම සැප්තැම්බර් 17 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයේ ප්‍රවේශ පත්‍රවල මිල ගණන්හි කිසිදු සංශෝදනයක් සිදු වන්නේ නැහැ.

ප්‍රවේශ පත්‍ර https://pcb.bookme.pk වෙබ් ලිපියනයෙන් හා කොළඹ විද්‍යා මාවතේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් මිලදී ගත හැකියි.

සුපිරි 4 වටය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු තරගය එළඹෙන 9 වැනිදා ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය පැවැත්වෙන්නේ එළඹෙන 12 වැනිදායි. ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරගය සැප්තැම්බර් 14 වැනිදා ද, ඉන්දියාව හා බංග්ලාදේශය අතර තරගය සැප්තැම්බර් 15 වැනිදා ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...