හැරී බෘෘක් එක්දින සංචිතයට කැදවයි

Date:

එංගලන්ත පිතිකරු හැරී බෘෘක් නවසීලන්තයට එරෙහි එංගලන්ත එක්දින සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

හෙට(8) කාර්ඩිෆ් හීදී ආරම්භ වන තරග 4කින් යුත් එක්දින තරගාවලිය සදහා අවශ්‍ය වුවහොත් යොදා ගැනීමේ අරමුණින් ඔහුව සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ලෝක කුසලාන සංචිතය සදහා සිය නම ද ඇතුළත් කර ගැනීම වෙනුවෙන් සටන් කිරීමට ඔහුට තවත් අවස්ථාවක් මෙම තරගාවලියේ දී ඇතැම් විට ලැබෙනු ඇති.

ජොනී බෙයාර්ස්ටව් මේ වන විට යම් ආබාධයකින් පසුවන අතර, ඩේවිඩ් මලාන්ගේ බිරිද දරු උපතකට ද සූදානමින් සිටින පසුබිමකයි හැරී බෘෘක් එක්දින සංචිතයට නම් කර ඇත්තේ.

නවසීලන්ත තරගාවලියෙන් පසුව අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය ද මේ වන විට නම් කර ඇති අතර, එම සංචිතය සදහා ද බෘෘක් ඇතුළත් කර තිබෙනවා.

අයර්ලන්තයට එරෙහි සංචිතයේ නායකත්වයේ වගකීම පැවරී ඇත්තේ සැක් ක්‍රව්ලිටයි.

ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිත සියලු ක්‍රීඩකයින් අයර්ලන්ත තරගාවලියට නම් කර නැහැ.

England squad to play Ireland:

Rehan Ahmed, Harry Brook, Brydon Carse, Zak Crawley (captain), Ben Duckett (vice-captain), Sam Hain, Will Jacks, Craig Overton, Matthew Potts, Phil Salt, George Scrimshaw, Jamie Smith, Luke Wood

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...