එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට ඓතිහාසික තරගාවලි ජයක්

Date:

එංගලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගනිමින් එංගලන්තයට එරෙහිව ඕනෑම තරග රටාවකින් තමන් ඉතිහාසයේ ලැබූ පළමු තරගාවලි ජය වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති අවසන් 20යි 20 තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 7 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඩර්බි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 116 ක් පමණයි.

Maia Bouchier ලකුණු 23 ක්, Danielle Gibson ලකුණු 21 ක් හා Amy Jones ලකුණු 20 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ චමරි අතපත්තු ලකුණු 21 කට කඩුලු 3 ක් දවා ගත්තා.උදේශිකා ප්‍රබෝදනී හා කවීෂා දිල්හාරි ලකුණු 16 බැගින් ලබා දෙමින් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 17 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

චමරි පන්දු 28 කින් ලකුණු 44 ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 5 ක් සමගින්.

හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 26 යි. චමරි සමග ඉනිම ඇරඹූ අනුෂ්කා සංජීවනී ලකුණු 20 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී Sarah Glenn ලකුණු 23 කට කඩුලු 2 ක් දවා ගත්තා.

තරගයේ හා තරගාවලියේ වීරවරිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ චමරි අතපත්තු. ඇය මෙම තරගාවලියේ දී ලකුණු 114 ක් රැස් කළ අතර, කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...