දිනුරගෙන් නොදැවුණු ශතකයක් ; කොදෙව්වන් 405 ක් පිටුපසින්

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම හා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි(6).

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 27 ක් ලබා සිටියා.

Adrian Weir ලකුණු 15 කට දැවී ගියේ විහස් තෙව්මිකගේ පන්දුවක් හමුවේයි.

දඹුල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 432 ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ.

දිනුර කලුපහන නොදැවී ලකුණු 150 ක් ලබා ගත් අතර, පුලිදු පෙරේරා ලකුණු 71 ක් හා මල්ෂ තරුපති ලකුණු 65 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Tarrique Edward කඩුලු 3 ක් ද, Isai Thorne හා Nathan Sealy කඩුලු 2 බැගින් ද බිද හෙලුවා.

ඒ අනුව කොදෙව් යොවුන් කණ්ඩායම මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 405 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...