රවුෆ්, ඉමාම් හා රිස්වාන් පාකිස්තානයට සුපිරි 4 වටයේ පළමු ජය හිමි කරයි

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ පළමු තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම අද(6) සමත් වුණා.

පාකිස්තානයේ ලාහෝර් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 38.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 193 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 39.3 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ෆකාර් සමාන් ලකුණු 20 කටත්, නායක බාබර් අසාම් ලකුණු 17 කටත් දැවී ගියා. ඉමාම් උල් හක් ලකුණු 78 ක් ලබා ගත්තේ පන්දු 84 කින්. හයේ පහර 4 ක් හා හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

මොහමඩ් රිස්වාන් පන්දු 79 කින් නොදැවී ලකුණු 63 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 7 ක් සමගින්.

පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ්, ශොරිෆුල් ඉස්ලාම් හා මෙහිදි හසාන් මිරාස් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 47 ක් තුළ බිද වැටුණා. අනතුරුව බංග්ලාදේශය ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය මුෂ්ෆිකර් රහීම් හා ශකිබ් අල් හසාන් 5 වැනි කඩුල්ලට ලකුණු 100 (120) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

ශකිබ් ලකුණු 53 ක් රැස් කළඅතර, මුෂ්ෆිකර් ලකුණු 64 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී හැරිස් රවුෆ් ලකුණු 19 කට කඩුලු 4 ක් දවා ගත් අතර, නසීම් ශාහ් ලකුණු 34 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...