Watch : හ්රිදෝයි දැවී ගිය රවුෆ්ගේ සුපිරි වේග පන්දුව

Date:

මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ පළමු තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් බංග්ලාදේශ මැදපෙල පිතිකරු තව්හිද් හ්රිදෝයිගේ කඩුල්ල දවා ගැනීමට පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හැරිස් රවුෆ් අද(6) සමත් වුණා.

පාකිස්තානයේ ලාහෝර් හී දී අද පස්වරුවේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, පාකිස්තාන වේග පන්දු යවන්නන්ගෙන් බංග්ලාදේශ පිතිකරුවන්ට තරගය ආරම්භයේ සිටම ප්‍රබල අභියෝගයක් එල්ල වුණා.

පළමු පන්දුවාර 10 නිමා වන විට බංග්ලාදේශ ලකුණු පුවරුව දක්නට ලැබුණේ කඩුලු 4 ක් දැවී ලකුණු 49 ක් ලෙසයි.

මෙහිදි හසාන් ලකුණු නොලබාත්, ලිටොන් දාස් ලකුණු 16 කටත්, මොහමඩ් නයීම් ලකුණු 20කටත්, තව්හිද් හ්රිදෝයි ලකුණු දෙකකටත් දැවී ගියා.

හ්රිදෝයි දැවී ගියේ හැරිස් රවුෆ් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්. (එම කඩුල්ලේ දර්ශන පහතින් නරඹන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...