“කිසිම ලිංගික කරුණක් මම කීවේ නැහැ” – අනුෂ්කාට ගවස්කාර්ගෙන් පිළිතුරු

Date:

තමා විරාට් කෝලි සහ අනුෂ්කා ෂර්මා සම්බන්ධයෙන් පසුගියදා පැවැති අයි.පී.එල් තරගයකදී කළ ප්‍රකාශය වැරැදි ලෙස අර්ථකතනය කර ඇති බව ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීන විස්තර විචාරක සුනිල් ගවස්කාර් පවසනවා.

ඒ, ඔහු කළ ප්‍රකාශයට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලිගේ බිරිද වන බොලිවුඩ් නිලි අනුෂ්කා ෂර්මා අප්‍රසාදය පල කරමින් තැබූ ඉන්ස්ටග්‍රෑම් සටහනින් අනතුරුවයි.

කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී විරාට් කෝලි අසාර්ථ වීම හේතුවෙන් සුනිල් ගවස්කාර් සදහන් කර සිටියේ විරාට් කෝලි කොරෝනා කාලසමයේ දී පුහුණුවීම් සිදු කළේ අනුෂ්කාගේ පන්දු යැවීම්වලට පමණක් බවටයි.

කෙසේ වෙතත්, ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් ඊට ප්‍රතිචාර දැක් වූ අනුෂ්කා ෂර්මා අදාළ ප්‍රකාශයට අප්‍රසාදය පල කළා.

සැමියාගේ ක්‍රීඩාව සම්බන්ධයෙන් බිරිදට චෝදනා කරමින් මෙතරම් දරුණු ප්‍රකාශයක් සිදු කළේ මන්දැයි පැහැදිලි කරන ලෙසයි ඇය සුනිල් ගවස්කාර්ගෙන් එහිදී ඉල්ලා සිටියේ.

“මගේ හෘද සාක්ෂිය පැහැදිලියි. මම කාටවත් දොස් නැගුවේ හෝ ලිංගික කරුණක් කීවේ නැහැ.”

යනුවෙන් සුනිල් ගවස්කාර් ඊට පිළිතුරු දෙමින් කියා සිටියා.

“මට හැමෝටම කියන්න අවශයයි ගිහිං ආයෙ බලන්න ඒ වීඩියෝව සහ සවන් දෙන්න ඒකට. ඊට පස්සෙ ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් කියන්න. සමහරු සිරස්තල මවනවා. ඒවාට සවන් දෙන්න එපා. ඔබේ ඇස් කන්වලින් ඒ වීඩියෝව බලන්න. පසුව කියන්න ඔබට අවශ්‍ය දේ.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...