කඩුලු 5 කින් දකුණු අප්‍රිකාව පැරද වූ ඔස්ට්‍රේලියාවට පූර්ණ 20යි 20 තරගාවලි ජයක්

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(3) සමත් වුණා. ඒ, දෙරට අතර පැවැති අවසන් 20යි 20 තරගයෙන් සංචාරක කණ්ඩායම කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඩර්බන් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ දී දකුණු අප්‍රිකාව කඩුලු 8 ක් දැවී ලකුණු 190 ක් ලබා ගත්තා.

සිය මංගල ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කළ ඩොනවන් ෆෙරෙයිරා පන්දු 21 කින් ලකුණු 48 ක් රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහරක් සමගින්. ඒඩ්න් මාක්‍රම් ලකුණු 41(23) ක් හා රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 42(30) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ශෝන් ඇබෝට් ලකුණු 31 කට කඩුලු 4 ක් දවා ගත්තා. මර්කස් ස්ටොයිනිස් කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 39 ක් ලබා දෙමින්.

ඔස්ට්‍රේලියාව ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ පන්දුවාර 17.5 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.

ට්‍රැවිස් හෙඩ් පන්දු 48 කින් ලකුණු 91 ක් ලබා ගත්තේ හයේ පහර 6 ක් හා හතරේ පහර 8 ක් සමගින්. ජොෂ් ඉන්ග්ලිස් පන්දු 22 කින් ලකුණු 42 ක් ද, මර්කස් ස්ටොයිනිස් පන්දු 21 කින් නොදැවී ලකුණු 37 ක් ද, රැස් කළා.

පන්දු යැවීමේ දී Bjorn Fortuin හා Gerald Coetzee කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මෙම තරගයේ දී දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් දුර්වල පන්දු රැකීමක නිරත වීම ද ඔවුන් තරගයෙන් පරාජයට පත් වීමට හේතු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...