මෙවර ආසියානු කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ දෙවැනි තරගය ජය ගැනීම සදහා ශ්රී ලංකාවට ලකුණු 165 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
ඒ, මහනුවර පල්ලේකැලේ ක්රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 164 කට දැවී යාමත් සමගයි.
ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නජ්මුල් හොසේන් ශන්ටෝ ලකුණු 89(122) ක් රැස් කළා. තව්හිද් හ්රිදෝයි ලකුණු 20 යි.
මොහමඩ් නයීම් ලකුණු 16 කටත්, මුෂ්ෆිකර් රහීම් ලකුණු 13 කටත් දැවී ගියා.
සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.
පන්දු යැවීමේ දී මතීෂ පතිරණ කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 32 ක් ලබා දෙමින්.
මහීෂ් තීක්ෂණ කඩුලු 2 ක් දවා ගත් අතර, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ හා දසුන් ශානක එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.
— CricDaily24 (@cricday96) August 31, 2023

