ඔස්ට්‍රේලියාවට ලකුණු 17ක ජයක් – Match Report

Date:

සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 17ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වුණා.

බ්‍රිස්බේන්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 6ක් දැවී ලකුණු 138ක් ලබා ගත්තා.

Ashleigh Gardner ලකුණු 61ක් රැස් කළේ පන්දු 41කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සමගින්.

නායිකා මැග් ලෙනින් ලකුණු 24යි.

පන්දු යැවීමේ දී Sophie Devine ලකුණු 18කට කඩුලු 3ක් බිද හෙලුවා.

ලකුණු 139ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තයට කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 121ක් පමණයි.

Suzie Bates ලකුණු 33ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Megan Schutt ලකුණු 23කට කඩුලු 4ක් බිද හෙලීමට සමත් වුණා.

දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලියට තරග 3ක් ඇතුළත්.

අනතුරුව තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක් ද කණ්ඩායම් දෙක අතර පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...