පළමු 20යි 20න් ඔස්ට්‍රේලියාවට ලකුණු 111 ක දැවැන්ත ජයක්

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 111 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙරට වේලාවෙන් අද(31) අලුයම සමත් වුණා.

ඩර්බන් හි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 226 ක් රැස් කරමින්.

මිචෙල් මාෂ් පන්දු 49 කින් ලකුණු 92 ක් නොදැවී ලබා ගනිමින් සිය කණ්ඩායම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා. ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 13 ක් ඇතුළත්.

ටිම් ඩේවිඩ් පන්දු 28 ක් පමණක් වැය කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 64 ක්. හයේ පහර 4 ක් හා හතරේ පහර 7 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

පන්දු යැවීමේ දී Lizaad Williams ලකුණු 44 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 15.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 115 ක් පමණයි.

රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 43 කින් ලකුණු 56 ක් ලබා ගත්තා. රසී වැන් ඩර් ඩසන් ලකුණු 21 ක් රැස් කළ අතර, මාර්කෝ ජන්සන් ලකුණු 20යි. මෙම තරගයේ දී 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා ගත් ඩිවාල්ඩ් බ්‍රේවිස් ලකුණු 5කට දැවී ගියා.

පන්දු යැවීමේ දී මෙම තරගයේ දී 20යි 20 වරම් දිනූ තන්වීර් සංගා ලකුණු 31 කට කඩුලු 4 ක් දවා ගත් අතර, මර්කස් ස්ටොයිනිස් ලකුණු 18 කට කඩුලු 3 ක් බිද හෙලුවා. මෙම තරගයේ දී 20යි 20 වරම් දිනූ තවත් ක්‍රීඩකයෙකු වන ස්පෙන්සර් ජොන්සන් කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...