“පීඩනය වැඩි වෙලාවේ තමයි අපි හොදටම කරලා තියෙන්නේ” : දසුන් ශානක

Date:

සිය කණ්ඩායම හොදින්ම දක්ෂතා දක්වා ඇත්තේ පීඩනය වැඩි වූ අවස්ථාවලදී බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ හෙට(31) බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව් දෙනෙකුට ආබාධවලට ලක් වීම හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලිය අහිමි වුණා.

දුෂ්මන්ත චමීර, වනිදු හසරංග, ලහිරු කුමාර හා ඩිල්ෂාන් මදුෂංක යන ප්‍රධාන ක්‍රීඩකයින් එලෙස ආබාධවලට ලක් වූ අතර, ඒ අනුව ප්‍රබල පන්දු යැවීමේ බලඇණියක් නොමැතිවයි ශ්‍රී ලංකාව මෙම තරගාවලියට එක් වන්නේ.

“ක්‍රීඩකයින් ආබාධවලට ලක් වෙන එක නවත්වන්න අමාරුයි. ඒක අවාසනාවකට අපේ කණ්ඩායමට දිගින් දිගටම වුණ දෙයක්. ඒක අවාසනාව.” යනුවෙන් දසුන් කියා සිටියා.

“ඇත්තටම පීඩනය වැඩි වුණාම අපේ කණ්ඩායම හොදට ක්‍රීඩා කරනවා. මම හිතන්නේ ඒකට සුදුසු ක්‍රීඩකයින් අපිත් එක්ක ඉන්නවා. විශේෂයෙන් පිතිකරණය ගත්තම හොද අත්දැකීම් තියෙන ක්‍රීඩකයින් රැසක් අපිත් එක්ක ඉන්නවා. මම විශ්වාස කරනවා මෙවරත් පීඩනය ඔස්සේ හොද ගමනක් යන්න පුලුවන් වෙයි කියලා අපේ කණ්ඩායමට.”

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය හෙට (31) පස්වරු 3 ට පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

දසුන් ශානක මාධ්‍ය හමුවේ දැක් වූ අදහස් පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...