IPL 2020 : 8 වන තරගය අද – Preview

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වන තරගය අද(26) පැවැත්වෙනවා.

ඒ, දිනේෂ් කාර්තික් නායකත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ ඩේවිඩ් වෝනර් නායකත්වය දරන සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට අබුඩාබිහී දී ආරම්භ වනු ඇති.

ආබාධයකට ලක්වීම හේතුවෙන් සන්රයිසස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ්ට මෙවර තරගාවලියෙන් ඉවත්වීමට සිදු වීම නිසා ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු අද තරගයට ආදේශ කිරීමට සිදු වනවා.

බොහෝ විට මොහොමඩ් නබී ඔහුගේ ස්ථානය වෙනුවෙන් කණ්ඩායමට පැමිණෙනු ඇති.

මිචෙල් මාෂ් වෙනුවට සංචිතයට කැදවූ ජේසන් හෝල්ඩර් මෙතෙක් සංචිතය සමග එක් වී නැහැ.

ආබාධයකට ලක්ව සිටින කේන් විලියම්සන් ද අද තරගය සදහා ක්‍රීඩා කරන්නේ ද යන්න මෙතෙක් නිල වශයෙන් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

සන්රයිසස් හයිදරාබාද් සහ කොල්කටා නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් දෙකම මෙවර තරගාවලියේ පළමු ජය අපේක්ෂාවෙන් අද තරගයට ක්‍රීඩා කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...