ෆිලැන්ඩර්ගේ කොල්පැක් ගිවිසුම අවලංගු කෙරේ

Date:

බ්‍රිතාන්‍යයේ සමර්සෙට් ප්‍රාන්ත කණ්ඩායම විසින් දකුණු අප්‍රිකානු හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වර්නන් ෆිලැන්ඩර් සමග අත්සන් කර තිබූ ගිවිසුම අවලංගු කර තිබෙනවා.

ඒ, කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග මෙවර ප්‍රාන්ත තරග වාරය මෙතෙක් ආරම්භ කිරීමට නොහැකි වීම හේතුවෙන්.

ඒ අනුව දෙපාර්ශවයේම එකගතාවය අනුව ගිවිසුම අවලංගු කර ඇති බව සදහන්.

34 හැවිරිදි වර්නන් ෆිලැන්ඩර් විසින් සමර්සෙට් කණ්ඩායම සමග අත්සන් කර තිබුණේ කොල්පැක් ගිවිසුමක්.

ඒ අනුව බ්‍රිතාන්‍ය ප්‍රාන්ත තරගවලදී ඔහුව විදෙස් ක්‍රීඩකයෙකු ලෙස නොසැලෙකෙන අතර, ඔහුව සලකනු ලබනුයේ දේශීය ක්‍රීඩකයෙකු වශයෙන්.

වසංගත තත්ත්වය නිසා බ්‍රිතාන්‍ය ප්‍රාන්ත කණ්ඩායම් විසින් මීට පෙර ක්‍රීඩකයින් රැසකගේ ගිවිසුම් අවලංගු කිරීමට කටයුතු කළා.

අවම වශයෙන් ලබන ජූලි පළමු වැනිදා වන තුරු බ්‍රිතාන්‍යයේ සියලු ක්‍රිකට් තරග පැවැත්වීම අත්හිටුවා තිබෙනවා.

වර්නන් ෆිලැන්ඩර් මීට මාස කිහිපකට පෙර ජගත් ක්‍රිකට් පිටියෙන් සමු ගත් අතර, ඒ වන විට ඔහු ටෙස්ට් තරග 64කට, එක්දින තරග 30කට සහ 20යි 20 තරග 7කට ක්‍රීඩා කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...