ආසියානු කුසලානයේ ප්‍රවේශ පත්‍ර මිලදී ගන්න මහනුවරට ප්‍රවේශ පත්‍ර කවුළුවක්

Date:

අද(30) සිට ආරම්භ වන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගවලට අදාළ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සදහා ප්‍රවේශ පත්‍ර කවුළුවක් මහනුවර ස්ථාපිත කර තිබෙනවා.

මහනුවර බලගොල්ල අභිත ක්‍රීඩාංගනයේ මෙම ප්‍රවේශ පත්‍ර කවුළුව ස්ථාපිත කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

මෙම කවුළුව අද සිට පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා සෑම දිනකම විවෘතව තැබීමට කටයුතු කර තිබෙනවා.

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද මුල්තාන් හී දී ආරම්භ වන්නේ පාකිස්තානය හා නේපාලය අතර පැවැත්වෙන තරගයත් සමගයි. එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි.

අනතුරුව තරගාවලියේ ශ්‍රී ලංකා අදියර ආරම්භ කරමින් පළමු තරගය හෙට(31) ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම තරගය ද ආරම්භ වන්නේ පස්වරු 3 ටයි.

මෙවර ආසියානු කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩාංගන 4 ක් යොදා ගැනෙනවා. ඒ අනුව පාකිස්තානයේ මුල්තාන් ක්‍රිකට් ක්‍රීඩාංගනය හා ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේ දී මෙන්ම, ශ්‍රී ලංකාවේ මහනුවර පල්ලේකැලේ හා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී තරග පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන තරග සංඛ්‍යාව 9ක්. අවසන් මහා තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී සැප්තැම්බර් 17 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

බොහෝ දෙනෙකුගේ අවධානය දිනූ පාකිස්තානය හා ඉන්දියාව අතර තරගය මහනුවර දී පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් දෙවැනිදායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...