ප්‍රබල චෙන්නාය පරදා දිල්ලිය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගයෙන් ලකුණු 44ක ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

ඩුබායිහි පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ ප්‍රබල චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝනි පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව දිල්ලි කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 175ක් ලබා ගත්තා.

ආරම්භක කඩුල්ල සදහා ලකුණු 94ක සබදතාවයක් ගොඩ නැගීමට ප්‍රිත්වි ෂෝ සහ ශිකර් දවාන් සමත් වුණා.

දවාන් ලකුණු 35යි.

ප්‍රිත්වි ෂෝ පන්දු 43කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 64ක්.

ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 9ක් ඇතුළත්.

රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 37ක් ලබා ගත් අතර, නායක ෂ්රෙයස් අයියර් ලකුණු 26ක් රැස් කළා.

පන්දු යැවීමේ දී පියුෂ් චවුලා ලකුණු 33කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායමට කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 131ක් පමණයි.

ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 43යි.

මෙම තරගයේ දී අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 15කට දැවී ගියා.

ඒ අනුව ඔහුගේ පිතිකරණ ස්ථානය සම්බන්ධයෙන් මෙම තරගයෙන් අනතුරුව ද ඉතිරි කර ඇත්තේ ප්‍රශ්නකාරී බවක්.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා කඩුලු 3ක් සහ Anrich Nortje කඩුලු 2ක් බිද හෙලුවා.

මෙම තරග ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ ඔවුන් ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින්.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙතෙක් ක්‍රීඩා කර ඇති තරග තුනෙන් තරග දෙකක් පරාජයට පත් වූ අතර, ජය ගත්තේ එක් තරගයක් පමණයි.

ඒ අනුව ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ පස්වන ස්ථානයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...