ශ්‍රී ලංකා හිටපු පිතිකරණ පුහුණුකරු බංග්ලාදේශයට

Date:

බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරණ උපදේශක ධූරයට එංගලන්තයේ ජෝන් ලුවිස් පත් කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, පෞද්ගලික හේතුවක් මත ධූරයෙන් ඉවත් වූ ක්‍රෙයිග් මැක්මිලන් වෙනුවටයි.

ශ්‍රී ලංකා සංචාරය අරමුණු කර ගනිමින් ක්‍රෙයිග් මැක්මිලන් පිතිකරණ උපදේශක ධූරයට පත් කර තිබුණේ නෙයිල් මැකෙන්සි වසර දෙකක සේවා කාලයකින් පසුව ධූරයෙන් ඉවත් වීමට තීරණය කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත්, සිය පියාගේ අභාවය නිසා අදාළ ධූරයේ කටයුතු නොකිරීමට ක්‍රෙයිග් මැක්මිලන් පසුව තීරණය කළා.

ඉදිරියේ දී ජෝන් ලුවිස් සම්මුඛ පරීක්ෂණයක් වෙනුවෙන් ඩකා නුවරට පැමිණීමට නියමිතව ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ඔහු මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ද පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...