කුසල්ට හා අවිශ්කට කොවිඩ් ආසාදනය වෙයි

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කිරීමට නියමිත බවට අපේක්ෂා කෙරෙන ක්‍රීඩකයින් දෙදෙනකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

කුසල් ජනිත් පෙරේරා හා අවිශ්ක ප්‍රනාන්දුට මෙලෙස කොවිඩ් 19 ආසාදනය වී ඇති බව සදහන්.

ඒ අනුව එම ක්‍රීඩකයන් දෙදෙනාට ඊයේ දිනයේ සිට ආසියානු කුසලානය අරමුණු කර ගනිමින් ආරම්භ කෙරුණු පුහුණුවීම් සඳහා ද එක් වීමට හැකි වී නැහැ.

කෙසේ වෙතත්, එළඹෙන 30 වැනිදා ආරම්භ වන ආසියානු කුසලාන තරගාවලිය සඳහා ඔවුන් දෙදෙනාට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ආබාධවලට ලක්වූ දුෂ්මන්ත චමීරට සහ වනිදු හසරංගට ද මෙවර ආසියානු කුසලාන තරගාවලිය අහිමි වීමේ අවදානමක් පවතිනවා.

චමීරට බොහෝ දුරට මෙම තරගාවලියම අහිමි විය හැකි අතර, හසරංගට ආසියානු කුසලාන තරගාවලියේ මුල් තරග කිහිපය අහිමි වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...