දකුණු අප්‍රිකාවට වැඩබලන නායිකාවක්

Date:

දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමේ වැඩබලන නායිකාව ලෙස Laura Wolvaardt පත් කර තිබෙනවා.

පාකිස්තානය සමග හා නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලි වෙනුවෙනුයි මෙම පත් කිරීම සිදු කර ඇත්තේ.

පාකිස්තාන සංචාරයේදී දෙරට අතර විස්සයි විස්ස තරග 3ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

අනතුරුව නවසීලන්ත කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වීමට නියමිත අතර, එහිදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම හා නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර 20යි 20 තරග 5ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

නවසීලන්තයට එරෙහි තරගාවලිය ඔක්තෝබර් 15 වැනිදා අවසන් වීමට නියමිත අතර, ඉන් අනතුරුව ඇයගේ තනතුර සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති.

සියලු එක්දින තරග අයි සී සී කාන්තා ශූරතාවලිය (ICC Women’s Championship) යටතට අයත් වනවා.

Wolvaardt වැඩබලන නායිකාව ලෙස පත් කිරීමට කටයුතු කර ඇත්තේ මෙතෙක් නායිකාව ලෙස කටයුතු කළ Sune Luus සිය ධූරයෙන් ඉල්ලා අස් වීම හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...