ආසියානු ක්‍රීඩා උළෙලට පාකිස්තාන සංචිතය නම් කෙරේ

Date:

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන පිරිමි සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

Qasim Akram ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

අසිෆ් අලී, මොහොමඩ් හස්නයින්, ශහ්නවාස් දහානි හා උස්මාන් කාදීර් ද සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මීට පෙර ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වූයේ 2010 හා 2014 වසරවලදීයි. 2010 වසරේදී ලෝකඩ  පදක්කම දිනා ගැනීමට පාකිස්තානය සමත් වූ අතර, 2014 වසරේ පැවැති ක්‍රීඩා උළෙලට ඔවුන් එක් වූයේ නැහැ.

2010 වසරේදී බංග්ලාදේශයත්, 2014 වසරේදී ශ්‍රී ලංකාවත් රන් පදක්කම දිනා ගත්තා. අවස්ථා දෙකේදීම එහි රිදී පදක්කම දිනා ගත්තේ ඇෆ්ඝනිස්තානයයි.

2023 ආසියානු ක්‍රීඩා උළෙල චීනයේ Hangzhou හී දී සැප්තැම්බර් 23 වැනිදා සිට ඔක්තෝබර් 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Pakistan men’s squad for the Asian Games:

Qasim Akram (c), Omair Bin Yousuf, Aamir Jamal, Arafat Minhas, Arshad Iqbal, Asif Ali, Haider Ali, Khushdil Shah, Mirza Tahir Baig, Mohammad Hasnain, Muhammad Akhlaq (wk), Rohail Nazir (wk), Shahnawaz Dahani, Sufiyan Muqeem, Usman Qadir

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...