අවසන් 20යි 20 තරගය වැස්සට සේදෙයි

Date:

අයර්ලන්තය හා ඉන්දියාව අතර ඩබ්ලින් හි පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වුණා.

වර්ෂාව හා ක්‍රීඩාංගනයේ පැවැති තෙත සහිත තත්ත්වය හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමක් ද සිදු කිරීමට හැකි වූයේ නැහැ.

ඒ අනුව දෙරට අතර පැවැති 20යි 20 තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගත්තේ සංචාරක ඉන්දීය කණ්ඩායමයි.

ක්‍රීඩා කළ තරග දෙකේ දී කඩුලු 4 ක් දවා ගත් ජස්ප්‍රිට් බුම්රා තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

මෙම තරගාවලියේ දී ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍ය 9.75 ක් ලෙස සටහන්ව තිබූ අතර, පන්දුවාරයකට ලබා දී තිබූ සමාන්‍ය ලකුණු ප්‍රමාණය 4.87 ක්.

දෙරට අතර පැවැති පළමු 20යි 20 තරගයෙන් ඉන්දියාව ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 2ක ජයක් වාර්තා කළා.

දෙවැනි 20යි 20 තරගයෙන් ඉන්දියාව ජය වාර්තා කළේ ලකුණු 33 කින්.

ඉන්දියාවේ මීළග අභියෝගය බවට පත්වන්නේ එළඹෙන 30 වැනිදා සිට ශ්‍රී ලංකාවේ දී හා පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...